Tuesday, August 20, 2013

Cheap Srilankan Government







* ග්‍රෑන්ඩ්පාස් පැරණි පල්ලිය හදනවාට පළමු විරෝධය එල්ල වන්නේ 1980.04.17 වන දිනය.
හේතුව පල්ලිය ඉදි කරන ඉඩමේ ඉපැරණි බෝධියක් පිහිටා තිබීම හා ඉඩම පන්සලය යාබදව පිහිටීමයි. පන්සල හා පල්ලිය ඉදි කරන්නට තෝරාගත් බිමේ පරතරය මීටර් විස්සකි.
* නිසි අවසර ලබා ගැනීමකින් තොරව පල්ලිය ඉදිවේ.
* බෝ ගසේ අතු වරින් වර කපා දැමීම නිසා බෞද්ධයින්ගෙන් විරෝධය එල්ල වේ.
* 2010දී පන්සලට මීටර් 15ක් දුරින් නව පල්ලිය ඉදි කිරීමට පටන් ගැනේ.
* 2010.07.18 දින ආගමික කටයුතු ලේකම්ට හා ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළු දෙනාටම මේ පිළිබදව ලිඛිතව පැමිණිළි කෙරේ.
* 2010.07.23 දින මේ පිළිබදව පොලිසියටද පැමිණිළි කෙරේ.
* ගොඩනැගිල්ලේ හිමිකරු හසන් මුබාරක් 2010.07.29 වන දින එය පල්ලියක් නොව ගබඩාවක් බව ලිඛිතව දැනුම් දෙයි.
* 2012.02.23 වන දින හසන් මුබාරක් විසින් මෙය පල්ලියක් නොව ගබඩාවක් බව ආගමික කටයුතු අමාත්‍යංශයට ලිඛිතව ප්‍රකාශ කරයි.
* 2012.04.19 නැවතත් මෙය පල්ලියක් ලෙස භාවිතා කෙරෙමින් තිබුණු බවට පොලිසියට පැමිණිළි කරනු ලැබිණි. ඒ මෙම ගොඩනැගිල්ල තුළ පල්ලියක ඇති පිරිසිදු වීමේ ස්ථාන ඉදි කිරීම නිසාය.
* පොලිසිය පරික්ෂා කළ විට හසන් මුබාරක් පැවසුවේ ඒවා අත්වැරදීමකින් ඉදිකර තිබෙන නිසා ඒවා සතියක් තුළ ඉවත් කරන බවය.
* අභිරහස් හේතුවක් නිසා පොලිසිය මේ ගැන පරික්ෂණ කිරීම අත්හිටුවන ලදී.
* 2012.07.20 දින නැවතත් පොලිසියට පැමිණිළි කෙරුණේ මෙය පල්ලියක් ලෙස භාවිතා කරන බවය.
* පල්ලියක් නොවේ යැයි හසන් මුබාරක් නැවතත් සහතික කොට පැවසීම නිසා පොලිසිය පරික්ෂණ නවත්වයි.
* මෙය පල්ලියක් ලෙස පවත්වාගෙන යාමට මවුලවිවරුන්ට භාරදී ඇති බවට ලැබුනු තොරතුරු 2012.11.20 දින පොලිසියට පැමිණිලි කරන ලදී.
* මුස්ලිම් පූජකයා ඉදිරිපත් වී වකුබ් සභාව විසින් මෙය පල්ලියක් බව ප්‍රකාශ කළ ලිපිය ඉදිරිපත් කරයි.
* මෙයට ආගමික කටයුතු ලේකම්ගේ එකගතාව නැතිව වකුබ් සභාව අනුමත කිරීම නීති විරෝධිය.
* 2012.11.27 වන දින ආගමික කටයුතු අමාත්‍යාංශයේදී මෙම අනවසර පල්ලිය පිළිබද සාකච්ඡාවක් පවත්වන ලදී.
* මෙම අනවසර ගබඩාව ඉවත් කිරීමට නියෝග ලැබිණ.
* 2013.06.04 වන දින මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකුගේ මැදිහත් වීමෙන් නෝම්බි කාලයේදී යාඥා කටයුතු කිරීමට මෙම ගබඩාව භාවිතා කිරීමට අවසර ලබා ගත්තේ බෞද්ධයින්ට හොර රහසිනි.
* ජුනි 25 වන දින මෙම ගබඩාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥා කරන්නට පටන් ගැනිණ.
* ජුනි 27 ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කරන ලදී.
* පොලිසිය යාඥාව නතර කිරීමට මැදිහත් වූයේ නැත.
* ජූලි 02 වන දින බෞද්ධයෝ සාමකාමී උද්ගෝෂණයක් පැවැත්වූහ.
* නියෝජ්‍ය පොලිස්පති ගුණවර්ධන මහතා එතැනට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කොට ගබඩාව මුද්‍රා තැබුවේය.
* ජූලි 09 දා පැවැත්වුණු සාකච්ඡාවේදී තීරණය වූයේ අගෝස්තු 09 දක්වා රාමසාන් සමය වෙනුවෙන් පමණක් මෙය යොදා ගන්නා බවයි.
* අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 වන වගන්තියට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් ලිඛිත ප්‍රකාශයක් මේ ගැන නිකුත් කරන ලදී.
* අගෝස්තු 09 නවත්වනවා වෙනුවට 10 වන දිනද මේ ගබඩාවේ යාඥා පවත්වනු ලැබිණ.
* මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීම මත 2013.08.08 ආගමික කටයුතු ලේකම් මෙයට අවසර දෙමින් ලිපියක් නිකුත් කර තිබිණ.
* මුස්ලිමුන් මෙන්ම ආණ්ඩුවද තමන්ව රවටා ඇති බව තේරුම් ගත් බෞද්ධයෝ ප්‍රකෝප වූහ.
* මෙම ගබඩාව ගිනි තබා විනාශ කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.



No comments:

Post a Comment